නවතම පුවත්

ඩොලර් – රුපියල් කරන ගැසට්ටුවටත් රිවස් එකක් ඉල්ලයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

තම සාමාජිකයින්ගේ කිසිදු කැමැත්තකින් තොරව ඔවුන්ගේ ගිණුම්වලට එවන විදේශ මුදල් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්ථනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියාචනාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අය නම් කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා සහ එම සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

සිය සේවාදායකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී ලංකාව තුළදී සහ ඉන් පිටත දී විදේශ මුදල්වලින් මෙතෙක් ලබා ගෙන තිබෙන බව පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥවරුන් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ සඳහා පුද්ගලික නේවාසික මුදල් ගිණුම සහ විදේශ තැන්පතු ගිණුම යනාදී ගිණුම් දෙකෙන්ද, වානිජ බැංකු ගිණුම් හරහා ද සෘජුවම විදේශ මුදල් ලබා හැකියාව පැවැතුණි.

එසේ තිබියදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10.1 වගන්තිය යටතේ 2251/41 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එම ගැසට් නිවේදනය මඟින් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර ඇතැයි පෙත්සම්කරුවන් චෝදනා කළේය.

එබැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි