නවතම පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු බුද්ධි ලොක්කෙක් ඇමතිවරයකුගෙන් සමාව ඉල්ලලා

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටි බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අධිකරණය හමුවේ අනාවරණ කර තිබේ.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු, ප්‍රහාරයට සිදුවීමට පෙර ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් බව රුවන් විජේවර්ධන මහතා පවසා තිබුණේ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (14) කැඳවූ අවස්ථාවේදීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම් ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ විභාග කෙරිණි.  ඒ 8 වැනි දිනටයි.

යහපාලන ආණ්ඩු සමයේදී ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවති ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළ විජේවර්ධන මහතා මුල් කාලයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් ජනපතිවරයා සතිපතා පැවැත්වූ නමුත් පසුව මාස්පතා පැවති බවත්, අවසාන කාලයේ ජනාධිපතිවරයා කැඳවන අවස්ථාවලදී පමණක් පැවැත්වූ බවත් ප්‍රකාශ කර ඇත.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන තෙක්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමාට ඒ පිළිබඳ ලද තොරතුරු පිළිබඳ දැනුවත් නොකළ බව හෙතෙම අධිකරණය හමුවේ අනාවරණ කර ඇත

“පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුව පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතා කර අරලියගහ මන්දිරයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මම සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ. ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් රැස්ව සිටියා. මා ඔවුන්ට දැනුම් දෙන්නා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරයා සියලුදෙනාට අරලියගහ මන්දිරයට එන්න කිව්වා කියල. ඒත් කිසි කෙනෙක් නැඟිට්ටේ නැහැ.

පසුව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසුවා. එවිට හේමසිරි ප්‍රනාන්දු මහතා මට කිව්වා අගමැතිතුමා කැඳවන කිසිම රැස්වීමකට සහභාගි වෙන්න එපා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා කියලා. එම ස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධනත් හිටියා.මම ඔහුගෙන් ඇහුවා ප්‍රහාරය ගැන තොරතුරු මට කලින්ම දැනුම් නොදුන්නේ ඇයි කියලා. එම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන කිව්වා තොරතුරු දෙන්න බැරි වීම ගැන සමාවෙන්න කියලා.” යැයි රුවන් විජේවර්ධන මහතා පවසා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි