ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාව සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඉන්දීය සිය අනුමැතිය ප්‍රකාශ කොට ඇති බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා. එම වෙබ් අඩවිය සඳහන් කළේ ඉන්දීය රජය විසින් මේ සමබන්ධයෙන් වන සිය නිල නිවෙදනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සමීපව කටයුතු කරනු ලබන ඉන්දියාවේ රාජ්‍ය නිලධාරියෙකු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ දක්වා හෙළිකර නොමැති බවයි.

මේ අතර පසුගිය පැය 12ක කාල සීමාව තුලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බැවින් ශ්‍රී ලංකාවට මේ වසරේ පළමු කාර්තුව තුලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිල අනුමැතිය හිමිවනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙරටට අදාළ ණය වැඩසටහන අනුමත කිරීමට පෙර, චීනය, ජපානය සහ පැරිස් ක්ලබ් සාමාජික රටවලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් ශ්‍රී ලංකාව ලබා ගත යුතුව ඇත.

මේ අතර අනිද්දා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇත