තලිබාන් සටන්කාමීන් කාබුල් නුවර “පිස්සු නටයි”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තම පාලනයට නතු කරගැනීමෙන් අනතුරුව මේ වනවිට .තලෙයිබාන් සටන්කාමින් එම  නගරයේ  ළමා උද්‍යානය , කාය වර්ධන මධ්‍යස්ථාන ,ආදී ස්ථානවලට  ඇතුළු වී උන්මාදයෙන් මෙන්   විනෝද වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

ඔවුන් මෙසේ  නගරයේ තැන තැන  විනෝද වන අයුරු දක්වෙන වීඩියෝ පෙළක්ද  මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් ඇත .

තලෙයිබාන් සටන්කාමින් විසින් බම්පර්ස් කාර් රථ පදවමින්, කැරකෙන ඔන්චිල්ලා පදිමින් විනෝද වෙමින් සිටින අයුරු එම වීඩියෝ දර්ශන වල සටහන්වී ඇත .

මේ අතර තවත් තලෙයිබාන් සටන්කාමින් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ පිහිටි කායවර්ධනාගාරය තුළ ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට නිකුත් වී තිබෙ.

YouTube player