තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්‍ෂ පහක් මෙරටට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියා‍වේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක තොගයක් අද පස්වරුවේ  කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.

. ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලේ සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් AI 273 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන ආ බවය වාර්තා වේ..

මේ වනවිට අදාල එන්නත් මාත්‍රා ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මාර්ගයෙන් ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කර ඇත

මෙම එන්නත් තොග ඉදිරි දිනවලදී දිවයින පුරා බෙදාහැරීමට නියමිත බව සෞඛ්‍ය බළධාරීන් සඳහන් කර ඇත .