සුඛෝපභෝගී ලෙස නම් කෙරුණු තවත් භාණ්ඩ කිහිපයක්ම ආනයනය කිරීම ක්‍රමිකව සීමා කිරීමට රජය සැලසුම් කරමින්ඇතැයි වාර්තාවේ ..
ඒ අනුව ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු විවිධ උපකරණ හා සුවඳ විලවුන් වැනි දෑ ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති බවය දැනගන්නට ඇත .
විදෙස් සංචිත ශක්තිමත් කිරීම රජය මෙමගින් අපේක්ෂා කරන බව ද වාර්තාවේ
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙම ආනයන සීමාව ගැන රජය අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ඔහු සඳහන් කර ඇත .