නවතම පුවත්

ත්‍රෙඩ්ස් , ලොවම ආක්‍රමණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයම ආක්‍රමණය කරමින් පැතිර යන මෙටා ත්‍රෙඩ්ස් පිළිබඳව නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.

එහි සඳහන් වන්නේ ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය යෙදවුම මේ වනවිට මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය ඉක්මවා ඇති බවය.

හඳුන්වා දී අඩුම කාලයකින් මිලියන 100ක පරිශීලකයින් ප්‍රමාණය හිමිකරගැනීමේ වාර්තාව මීට පෙර සතුව තිබුණේ ChatGPT වෙතටය.

කෙසේ වෙතත් ChatGPT පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස දෙකක කාලයක් ගතවිය.

සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සඳහා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට මාස 9ක කාලයක් ගතවිය.

එසේම ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට වසර දෙකහමාරක කාලයක් ගතවිය.

ඒ අනුව එම සියලු වාර්තා අභිබවා යමින් ත්‍රෙඩ්ස් පරිශීලකයින් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යාමට ගතකර ඇත්තේ දින 5ක් වැනි කෙටි කාලයකි.

මේ සඳහා බරපතළ ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක නොවී මෙලෙස ලොවපුරා ජනප්‍රිය වීම පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

නවතම වාර්තා පෙන්වාදෙන්නේ සෑම පැය 4කට වරක්ම පරිශීලකයින් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ත්‍රෙඩ්ස් සමග එක්ව ඇති බවය.

මෙට සමාගමේ නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරියේදී ත්‍රෙඩ්ස් වෙත නව වෙනස්කම් රැසක් එක්කිරීමට සූදානමින් පසුවන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්