නවතම පුවත්

හොර පාරෙන් ගෙනා රන් කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් දැලේ

අසංක

අසංක

ඉන්දියාවේ සිට මෙරට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රුපියල් කෝටි 03කට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිලෝ 01යි ග්‍රෑම් 780ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොල පැමිණිමේ පර්යන්තයේදී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු පරීක්ෂාවෙන් පසු පිටවීමට සූදානම් වූ අවස්ථාවේදීය.

මාල, කරාබු, අත්පලදනා ඇතුළු විවිධ වර්ගයේ රන් භාණ්ඩ මෙහි තිබී ඇත. මෙම රන් භාණ්ඩ ගමන් මළුවල සඟවා රැගෙන විත් තිබේ.

සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් හී පදිංචි 39 හා 53 යන වයස්වල පසුවන්නන්ය. මෙම සැකකරුවන් අතර ඉන්දියාව සහ ඩුබායි යන රටවල නිතර ගමන්කරන අයෙක් සිටින බවත් ඔහු ව්‍යාපාරිකයෙක් බවත් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් දෙදෙනා රන් භාණ්ඩද සම කටුනායක රේගුව වෙත භාරදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්