නවතම පුවත්

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සමාලෝචනයට ගත් පියවර ගැන, යුරෝපා සංගමය දැනුවත් කරයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියා මාර්ග සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට දැනුම් දී ඇත ,
, දැනට පවත්නා නීති සම්පාදනය, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් අධ්‍යයනය කිරීමත් සමග 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීම සඳහා කෙරෙන කාර්යයන් පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දි ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත .

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා ජුනි 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය තීරණය ගනු ලැබූ බවත් යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව පත් කර ඇත්තේ ජූනි 24 වැනිදායි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 16 දෙනෙකුට ජුනි 24 වැනි දින සමාව ලබා දුන් බවද විදේශ අමාත්‍යංශය යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණ භාරයේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලිය පිළිබඳව ද යුරෝපා සංගමය දැනුවත් කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසන්ධාන යාන්ත්‍රණවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද යුරෝපා සංගමය දැනුවත් කර තිබේ.

ඒ අනුව වන්දි ගෙවීම සඳහා සකසන ලද හිමිකම් 1,230 ක් පියවීම සඳහා රජය විසින් ජුනි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල් මිලියන 79 ක් වන්දි ගෙවීමේ කාර්යාලයට මුදා හැරීම පිළිබඳව ද යුරෝපා සංගමයට දැනුම් දුන් බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

මීට අතිරේකව, තවත් සකසන ලද හිමිකම් 3,389 ක් අතුරින්, හිමිකම් 1,451 ක් පියවීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 80 ක් ජුනි 29 වැනි දින නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමග ක්‍රමවත්, සුහද හා බහුවිධ සංවාදයක් පවත්වා ගනිමින් ඇතැයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

යුරෝපා සංගමයේ GSP+ පිළිබඳ මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 ට අනුකූල වීම පිළිබඳ සමාලෝචනය මත ශ්‍රී ලංකාව සහ යුරෝපීය කොමිසම අතර පවත්නා ඵලදායී සහයෝගීතාව ද මෙයට ඇතුළත් ය.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ 2020-2021 සඳහා වන GSP+ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනයේ තුන්වැනි චක්‍රය අඛණ්ඩව සිදු වෙමින් පවතී.

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, වර්තමාන GSP+ අධීක්ෂණ චක්‍රය පිළිබඳ පසු විපරම් ප්‍රශ්න ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා රජයේ පුළුල් ප්‍රතිචාරය, එකඟ වූ කාල රාමුව පිළිපදිමින් විදේශ අමාත්‍යංශය විසින් යුරෝපා කොමිසම වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ලබා දී තිබේ.

මෙම තුන්වැනි චක්‍රය සඳහා වන GSP+ අධීක්ෂණ දූත කණ්ඩායමක් 2021 සැප්තැම්බර්/ ඔක්තෝබර් මාසවල අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නිරන්තර නිරත වීම සම්බන්ධයෙන්, මෙම වසරේ සිව්වැනි කාර්තුව තුළ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනවල දී පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම කැඳවීම සඳහා සැලසුම් කර තිබේ.

යුරෝපා සංගමය සමග සාකච්ඡා කොට ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ සියලු අංශ සමාලෝචනය කිරීම සඳහා, යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 24 වන සැසිය 2022 පළමු කාර්තුවේ දී පැවැත්වීමට විදේශ අමාත්‍යාංශය අපේක්ෂාවෙන් පසුවේ.

විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF), ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ (SEASL) සහ වෘත්තීය සමිතිවල ජ්‍යේෂ්ඨ නියෝජිතයන් හමුවී, යුරෝපා සංගමයේ GSP+ සහනය තවදුරටත් රටට ප්‍රයෝජනවත් ලෙස පවතින බවට සහතික කිරීම සඳහා රජය දක්වන කැපවීම පිළිබඳව ඔවුන්ට සහතික වූ බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්