නවතම පුවත්

මෙන්ඩිස් යළි එයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුපියල් කෝටි 150කට අධික බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්හිටුවන ලද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (01) සිට යළි සක්‍රිය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත

වසර දෙකක් තුළ අදාළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කිරීමේ එකඟාවක් මත මෙසේ මත්පැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා එම සමාගමට අවසර ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

හිඟ බදු මුදල් පියවීමේ ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් මේ වනවිට එම සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවා ඇති අතර තවත් සති තුනක් තුළ තවත් රුපියල් මිලියන 50ක් ගෙවීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කර ඇත .

බදු පැහැර හැරීම හේතුවෙන් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන ලද්දේ 2018 වසරේදීය. එම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ අර්ජුන් ඇලෝශියස් මහතාටය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්