නවතම පුවත්

“ත්‍රස්තවාදීන්ට එරෙහිව පමණක් සටන් කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හමුදාපති මමයි”- ශවේන්ද්‍ර සිල්වා

අසංක

අසංක

මම සටන් කළේ ත්‍රස්තවාදීන්ට එරෙහිව මිස දෙමළ ජනතාවට විරුද්ධව නොවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේය.

කොළඹ ආරක්ෂක සමුළුව -2019 බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අවස්ථාවේ යුද හමුදාපතිවරයා මේ බව සදහන් කළේය.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ විරෝධාර නිලධාරියෙකු ලෙස යුද හමුදාපතිධූරයට පත්වීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවල හමුදා ප්‍රධානීන් සහ තානාපති නිලධාරින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට සුබ පැතුම් එක් කළහ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සේනාධිනායකයා වශයෙන් තමන් පිළිබදව විශ්වාසය තබා ඇති බව සිහිපත් කළ යුද හමුදාපතිවරයා, ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත්වෙමින් යුද හමුදාව පාලනය කිරීමට තමන්ව තෝරා ගෙන ඇත්තේ රටේත් ජනතාවගෙත් ආරක්ෂාව ගැන සැලකිලිමත්වෙමින් බව හෙතම පැවැසීය.


මෙම තත්ත්වය අවබෝධකරගනිමින් යුද හමුදාවේ බොහෝ ප්‍රතිසංධානයන් ඉටුකරමින් රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම තමන්ගේ අභිප්‍රාය බව යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.


බුද්ධි අංශයද ප්‍රතිසංධානය කරමින් අදාල කටයුතු සදහා මුල පුරනබවත් හෙතම කියා සිටියේය. ඇතමෙක් ජාත්‍යන්තර වශයෙන් අභූත චෝදනා නැගීමට උත්සුක වුවද මට පැවැසීමට ඇත්තේ මම සටන් කළේ ත්‍රස්තවාදීන්ට එරෙහිව මිස දෙමළ ජනතාවට විරුද්ධව නොවේ යැයි හෙතම අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි