නවතම පුවත්

ත්‍රස්තවාදී සංවිධාන තුනක් තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම  

ශ්‍රි ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක්වන පරිදි මෙරට ක්‍රියාත්මක වෙමින් තිබු ත්‍රස්තවාදී සංවිධාන තුනක් තහනමට ලක් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) උදෑසන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජාතික තව්හිද් ජමාත් (එන්.ටී.ජේ) , ජමාතේ මිලාතේ ඉබ්‍රහිම් (ජේ.එම්.අයි), සහ විලායත් අස් සෙයිලනි සංවිධාන මෙලෙස තහනම් කර ඇත.

අදාල සංවිධාන සෘජුවම අයි.එස්.අයි.එල් ත්‍රස්ත සංවිධානයට සහය පළකරමින් මුලධර්මවාදී මෙහෙයුම්වල නිරතවීම සදහා පුහුණුවීම් ලැබ ඇති බව මෙරට ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කර තිබිණි.

ඒ අනුව අදාල සංවිධානවලට සම්බන්ධවී මෙරට හෝ විදේශ රටවල කටයුතු කිරීම සියලුම ශ්‍රි ලාංකේය පුරවැසියන්ට තහනම් වනු ඇත. ඔවුන්ට ආධාර අනුබල දීම, පුහුණු පැවැත්වීම, ලාංඡන ප්‍රදර්ශනය කිරීම, නායකත්වය ලබාදීම, අදාල සංවිධානයක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම, අදාල සංවිධානවල නිල ඇදුම් ඇදීම, ධජ ප්‍රදර්ශනය, උත්සව සංවිධානය කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ සම්බන්ධවීමක් සපුරා තහනම් වනු ඇත.

ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 1979 අංක 48 ට අදාලව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

පුද්ගලයන් 257 දෙනෙක් මරුමුවට පත්කරමින් තවත් 600 කට අධික පිරිසක් තුවාල කළ පාස්කු ඉරිදා (4-21) ප්‍රහාරයෙන් දින 21 ( සති තුනක් ) ගතවන තැන මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙයට පෙර අදාල තහනම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන නිකුත් කළේය.

අදාල ගැසට් නිවේදනය ‌මෙසේය.  

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි