නවතම පුවත්

ලංකාවේ සරණාගතයන් ගැන ජගත් සංවිධානයෙන් නිවේදනයක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සරණාගතභාවය පතා පැමිණි විදේශිකයින් 1670 දෙනෙකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිකුත් කල නවතම නිල වාර්තාවක දැක්වේ.

මේ අතරින් 819 දෙනෙකු දේශපාලන රැකවරණය පතන්නන් (Asylum seekers) වන අතර සෙසු 851 දෙනා සරණාගතභාවය හිමිවූවන් ((Refugees)) වන බවද වාර්තාවේ දැක්වේ.

මේ අතරින් 1341 දෙනෙකුම පකිස්ථාන ජාතිකයින් වන අතර 201 දෙනෙකු ඇෆ්ගනිස්තාන ජාතිකයින් වේ.

මීට අමතරව සෙසු රටවල් වලින් මෙරටට පැමිණ සිටින දේශපාලන රැකවරණ පතන්නන්ගේ සංඛ්‍යාවන් මෙසේය .

බංග්ලාදේශය 2
ඉන්දියාව 1
ඉරානය 8
මාලදිවයින 3
නයිජීරියාව 8
පලස්තීනය 1
සුඩානය 4
සිරියාව 1
යේමනය 3

සෙසු රටවලින් පැමිණ සරනාගතභාවය ලැබුවන්ගේ සංඛ්‍යාව මෙසේය .

එරිත්‍රියා 2
ඉරානය 22
මාලදිවයින 1
මියන්මාරය 34
පලස්තීනය 9
සෝමාලියාව 1
සිරියාව 14
ටියුනීසියාව 1
යේමනය 13

මෙම සරණාගතයින් මෙරට රැදී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පවතින එකඟතාව මත තාවකාලිකවය

සරණාගතභාවය පතා එන පුද්ගලයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය
ඒ අනුව ඔවුන් දේශපාලන රැකවරණ පතන පුද්ගලයෙකු (Asylum seeker) බවට පත් වේ.

ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු කරයි. ඇතැම් පුද්ගලයන්ගේ අයදුම්පත්වලට අනුමැතිය හිමි වන අතර තවත් සමහරෙකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ.
අනුමැතිය ලැබුණු පුද්ගලයන් සරණාගතයන් (Refugees) වශයෙන් තහවුරු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන පරිදි සරණාගතයෙකු (Refugee) වශයෙන් පිළිගනු ලැබූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාව හිමි නොවේ.

සරණාගතභාවය සඳහා අයැදුම් කර ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු වෙනත් රටක් විසින් තමන් භාර ගනු ලබන තෙක් ඔවුන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා