ත්‍රිපෝෂ නිශ්පාදනයට අවශ්‍ය කිරිපිටි දේශිය නිශ්පාදකයන්ගෙන් පමණයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වාර්ෂිකව මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක්

දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ති​බේ.

ලංකා ත්‍රිපෝෂ සමාගම පසුගිය වසර පහ පුරාවටම මිල්කෝ සමාගමෙන් කිරිපිටි මිලදී ගෙන ඇති අතර

මිල්කෝ සමාගම මෙවර ඉදිරිපත් කළ මිල ගණන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.