නවතම පුවත්

ත්‍රීකුණාමලයෙන් කොටි ආයුධ මතු වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය ඇලස්වත්ත ප්‍රදේශයේ සොහොන් බිමක ප්ලාස්ටික් බැරලයක වලදමා තිබු කොටින්ට අයත් බවට සැක කෙරෙන ගිනි අවි ඇතුළු යුධ උපකරණ තොගයක් අද (06) සොයා ගත් බව උප්පුවේලි පොලිසිය කියයි.

සොයා ගත් යුධ උපකරණ අතර යුගොස්ලෝවියාවේ නිෂ්පාදිත එම්  70 ඒ බී 2 ගිනි අවි පහක්, ජර්මනියේ නිෂ්පාදිත එස් එස් එම් ජී වර්ගයේ ගිනි අවියක්, ටී 56 ජීව උණ්ඩ 1700 ක් මිලි මීටර් නමය වර්ගයේ ගිනි අවි සදහා යොදන උණ්ඩ 33 ක් හා එස් එස් එම් ජී අවි සදහා යොදන මැගසින් තුනක් තිබු බව පොලිසිය පවසයි

මළ සිරුරක් භුමදානය කිරිමට සොහොන් බිම තුල වලක් කපමින් සිටි ගම්වාසින් පිරිසකට වල තුල තිබි ප්ලාස්ටික් බැරලයක් හමුව ඇති අතර ඒ බව උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්‍රසංග මහතාට දැන්වීමෙන් පසුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගිය ස්ථානාධිපතිවරයා පුපුරණ ද්‍රව්‍ය සහිත බැරලය දැක ඒ සම්බන්ධව සහකාර පොලිස් අධිකාරි සතිස් ගමගේ හා පොලිස් අධිකාරි උදය හේමන්ත යන මහත්වරුන් දැනුවත් කර තිබුණි.

පසුව ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතාගේ උපදෙස් මත බැරලය ගොඩගෙන සර්ධාපුර පොලිස් විශේෂ කාර්්‍ය බලකා කදවුරේ නිලධාරින් ලවා බැරලය ආරක්ෂිතව විවෘත කරවා ගැනීමෙන් පසු එහි තිබු ගිනි අවි සහ යුධ උපකරණ සොයා ගෙන තිබේ

මෙම යුධ උපකරන කොටි සාමාජිකයන් විසින් වල දමන්නට ඇතැයි සැකකරන අතර මේ සම්බන්ධව උප්පුවේලි පොලිසිය අධිකරණයට කරුණු වාර්ථා කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්