නවතම පුවත්

ත්‍රීකුණාමල වරාය අසළින් ගමන් කරන යාත්‍රා වරායට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ත්‍රිකුණාමල වරාය අසළින් යාත්‍රා කරනා නෞකා ප්‍ර‍මාණය අති විශාල වන බවත් එම යාත්‍රා ත්‍රිකුණාමල වරාය වෙත ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම වරාය සතු වගකීමක් වන බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි. ඔහු මේ බව පැවසූයේ පසුගියදා ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයකට සහභාගී වෙමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමල වරායට නොපැමිණ එය පසුකර යන යාත්‍රා පිළිබඳ ගණනය කිරීමක් සිදුකළ යුතු බවත් ඒ සඳහා දැනට අක්‍රීයව පවතින දත්ත පද්ධතිය සක්‍රීය කොට කඩිනමින් අදාළ දත්ත තමා වෙත වාර්තා කිරීමට කටයුතු කරන ලෙසත් ය.

ත්‍රිකුණාමල වරාය ලාභය ඉපයිය හැකි වරායක් වන බවත් ඒ අනුව මෙමගින් ලබාදිය හැකි පහසුකම් හි වර්ධනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වන බවත් එහිදී මෙම මුහුදු සීමාව පසුකරගෙන යන නෞකා ත්‍රිකුණාමල වරාය වෙත ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ ක්‍ර‍මෝපායන් දියත් කළ යුතු බවත් අමාත්‍යවරයා අදහස් දැක්වීය. ඊට ප්‍ර‍ධාන වශයෙන් වරායට නොපැමිණ වරාය පසුකර යාත්‍රා කරනා නෞකා ප්‍ර‍මාණය ගණනය කිරීමක් සිදුකළ යුතු වේ. එහිදී මුහුදු මාර්ග, නැව් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා Radar Navigation System සහ Vessel Traffic Monitoring System යන දත්ත පද්ධති වරාය තුළ සවි කර ඇතත් එහි ඇති මෘදුකාංගයන්හි අඩුපාඩුවක් හේතුවෙන් දැනට එම පද්ධතිය අක්‍රියව පවතී. එමනිසා වරාය කාර්යක්ෂමතාව හා සංවර්ධනය නංවාලීමේ අරමුණින් මෙම දත්ත පද්ධති වහාම උසස් මට්ටමින් ක්‍රියාකරවීමට හා එහි තත්ත්වය උසස් කිරීමට මෙම මාස 02 තුළ කඩිනමින් කටයුතු කරන ලෙස ගරු අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්