නවතම පුවත්

තාත්තාගේ පුරප්පාඩුවට ජීවන් තොණ්ඩමන් නාමයෝජනාවට අත්සන් තබයි

අසංක

අසංක

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය නාමයෝජනාවට අත්සන් තබා තිබේ.

සිය පියා වන හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ  පස්වරු 5 ට පමණ සිය නාමයෝජනාවට අත්සන් තැබීය.

26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ නායකයකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකි.

අනෙකුත් නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂකයින් වන මරුපාන්දි රාමේෂ්වරන්, ශක්ති වේල්, ගනපති කනගරාජ්, දිලිප් කුමාර් සහ ඊ. ටී. ගේවින් යන මහත්වරුන් මෙන්ම පක්ෂ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අනුව ජීවන් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරි මහමැතිවරණයට තරගවදින බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කෙරෙනු ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්