නවතම පුවත්

තායිලන්තය හදිසි තත්ත්වය දීර්ඝ කරයි

අසංක

අසංක

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා දීර්ඝ කිරීමට තායිලන්ත රජය තීරණය කර ඇත.

දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර ආසාදන පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය දීර්ඝ කරන බව තායිලන්ත කොවිඩ් – 19 කාර්ය සාධක බලකාය සඳහන් කර ඇත.

ඒ අනුව එරට ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි අවසානය දක්වා දීර්ඝ කර තිබේ.

එසේම බාර්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි තවදුරටත් වසා දමා තිබේ.

මාසයක් පමණ කාලයක් තිස්සේ තායිලන්නයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් පැවති අතර පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්