නවතම පුවත්

තැනූ ස්වාධීනත්වය ශක්තිමත් කරන්න – සජිත් නව ජනපතිගෙන් ඉල්ලයි

අසංක

අසංක

මෙතෙක් තැනූ ස්වාධීනත්වය ඉදිරියේ දීත් තවත් ශක්තිමත් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ඒ මැතිවරණ මහලේකම් කාර්‍යාලයේදී පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රථිඵලය නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුව සභාව අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

“පුරා වසර 25ක් මුළුල්ලේ මගේ දේශපාලන දිවියේ ප්‍රධානතම අරමුණ වුයේ මාතෘභූමියේ ජනතාවට සේවය කිරීමයි.

දිවා රෑ නොබලා මගේ ප්‍රතිපත්තීන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළ සියලු දෙනාටම මාගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කරන්න කැමතියි.

පසුගිය වසර 5 පුරාවට ස්ථාපනය වු ස්වාධීන මැතිවරණ කොමිශන් සභාවත්, ආයතනික ප්‍රතිසංස්කරණත් ඒ වගේම  සිදු වු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් භුක්ති විඳින්නට සියලු දෙනාටම පුළුවන්කම ලැබුණා.

තවදුරටත් මේ ස්වාධීනත්වයේ ශක්ති සම්පන්නභාවය තහවුරු කරමින් එම ආයතන හා ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස මම ජනාධිපතිතුමාට යෝජනා කර සිටිනවා.

ඒකිය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජාතීන් එක්සේසත් කරගෙන සෞභාග්‍යසම්පන්න, ස්වෛරී සොඳුරු මාතෘභූමියක් නිර්මාණය කරන්න සිවිල් පුරවැසියෙක් ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා.” යැයි ද ඔහු අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි