ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය ලබන මස 04 වැනි දා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්රකාශ කර සිටී
කොමිසමේ නිලධාරීන් අද පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද අවසන්වීමට නියමිතව තිබුණි.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික හා ගංවතුර තත්ත්වය නිසා සිදු වූ අපහසුතා සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බවයි. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 30 සහ 31 යන දෙදින පැවැත්වෙනු ඇති.