ජනාධිපතිවරණයේ තැපැල් අයදුම්පත් යොමු කිරිම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරිම සහදා මැතිවරණ කොමිසම අද රැස්වේ. එහිදි මේ වන විට දුම්රිය ඇතුළු ක්ෂේත්ර කිහිපයක නියෝජිතයින් ආරම්භ කර ඇති වැඩ වර්ජන හේතුවෙන් ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කරනු ඇත.
ඒ අනුව ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා අද දිනයේ විශේෂ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට කොමිසම කටයුතු යොදා ඇත.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (30) අවසන් වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන ඔක්තෝබර් මස 30 සහ 31 වන දා පැවැත්වීමට නියමිතයි.