පැතුම් වික්‍රමරත්න
වැටුප් විෂමතාවන්ට විසදුම් ලබාගැනීමේ අරමුණින් ,අද (13) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (14) මධ්‍යම රාත්‍රිය දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
තම වැටුප් ගැටළුවට මෙතෙක් කිසිදු විසදුමක් ලැබී නොමැති බවත්, ඉදිරියටත් මෙලෙස තම ගැටළු නොසලකා හැරියහොත් වැඩවර්ජනයක් කරා යොමුවන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් එච් කේ කාරියවසම් මහතා පැවසීය.