නවතම පුවත්

තැඹිලි ගෙඩිය රු.2000ට විදෙස් වෙළෙඳපොළට

අසංක

අසංක

මෙරට නිෂ්පාදනය කරනු ලබන තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙද පොලට අපනයනය කරනු ලබයි.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක අප රටේ තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා වැනි මුදලකටය.

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ.ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.

තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇත.පසුගිය වසරේ දී වසරේදී (2023) ආදායම රුපියල් බිලියන 6ක් විය.

තැඹිලි ශ්‍රී ලංකාවට ආවේණික බෝගයකි. රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලි තරම් උසස් රසයක් නොමැතිවීම නිසා එම උත්සාහයන් අසාර්ථක වී තිබේ.

තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ විය.අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ඊයේ (25) ස්ථාපිත කළේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතය.

තවමත් මෙරට තැඹිලි සදහා ලෝක වෙළෙදපළ තුළ පවතින ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව පවතී.

මෙම තත්ත්වයෙන් උපරිම ඵල නෙලා ගැනීම සඳහා තැඹිලි වැවිලි බෝගයක් ලෙස මින් ඉදිරියට වගා කිරීමටත් විශේෂයෙන් මුරුතවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඒ සඳහා යොදා ගෙන තිබේ.

ඒ අනුව දෙවන තැඹිලි වගා ආදර්ශ ගම්මානය වශයෙන් රළුව ගම්මානයේ වගා කටයුතු සදහා තැඹිලි පැළ 1600ක් ඊයේ (25) අමාත්‍යවරයා අතින් ගොවි ජනතාව වෙත බෙදා දුන්නේය.

ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වන නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අපේ රටේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැත. දැන් තරගය පවතින්නේ අප රටේ ව්‍යාපාරිකයින් අතරය. දැනට අප රටට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1000ක් වැනි අඩු මුදලකි. මෙම ප්‍රමාණය රුපියල් 2000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළා” යැයි ද අමාත්‍යවරයා කියයි.

ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්තයි. දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලුමෙන් සියයට 02ක්වත් අපිට දෙන්න බැහැ. ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නා” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්