නවතම පුවත්

මේ වසරේ ඇවිදින්න ලොව හොඳම තැනට ශ්‍රී ලංකාවේ Pekoe Trail

අසංක

අසංක

2024 වසරේ වික්‍රමාන්විත සංචාරයට ලොව හොඳම තැන ලෙස National Geographic පාඨක මනාපයෙන් ශ්‍රී ලංකාවේ Pekoe Trail තේරී පත්වී තිබේ.

National Geographic විසින් ඇවිදීමට, කඳු නැගීමට, ත්‍රාසයට කැමති සංචාරකයන්ගේ සිත් ගත් ලොව අපූර්වතම ස්ථාන 20ක් පසුගියදා නම්කළේ සිය පාඨකයන්ට ඉන් හොඳම ස්ථානය නම්කිරීම සඳහා වන ඡන්දයක් පවත්වමිනි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගම්මාන මැදින් තේ වතු පසුකරමින් ගමන් කරන Pekoe Trail, ඉන් හොඳම ස්ථානයට පත්ව ඇත්තේ හිතුමතේ ඇවිද යා හැකි අපූර්වතම මාර්ගය ලෙස නම් කරමිනි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300+ පමණ වන ඇවිදීමේ මාර්ගයක් වන Pekoe Trail ශ්‍රී ලංකාවේ කඳුකර භූමි ප්‍රදේශ, ඉතිහාසය, සංස්කෘතිය, ආහාර සහ ගම්වැසියන් අතරේ සංචාරකයන්ට පා ගමනින් ගොස් නරඹන්නන්ට, කතා කරන්නට, රස විඳින්නට ඉඩ සැලසීම සඳහා නිර්මාණය කරන ලද ඇවිදීමේ මංපෙත් මාලාවක පළමු මාර්ගයයි.

මේ මාර්ගය National Geographic විසින් හඳුන්වා තිබූණේ මෙලෙසයි.

ශ්‍රී ලංකාව තේ වලට සමාන පදයක් වැනි ය. මේ දිවයින, ලොව ඉහළම තේ නිෂ්පාදකයන් අතරින් එකකි. දැන් සංචාරකයන්ට මේ නව මාවතේ ඓතිහාසික වැවිලිකරුවන්ගේ අඩිපාර සොයා ගත හැකි ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති වසර 200 කට පමණ පෙර තේ පළමු පඳුර හඳුන්වා දී තිබේ. දැන් සංචාරකයන්ට රටේ පළමු දිගු දුර ඇවිදීමේ මාර්ගය වන සැතපුම් 200කට ආසන්න නව පෙකෝයි ට්‍රේල් මාර්ගයේ ඓතිහාසික වැවිලිකරුවන්ගේ අඩිපාර සොයා ගත හැකිය.

මහනුවරට ඔබ්බෙන් ආරම්භ වන මෙම මාර්ගය 19 වන සියවසේ කම්කරුවන් සහ අශ්ව කරත්ත මගින් නැවුම් ලෙස නෙළන ලද තේ කොළ ප්‍රවාහනය කරන ලද ධාවන පථය අනුගමනය කරයි. කඳු නගින්නන්ට, ඇවිදින්නන්ට ඒ අපූරු කඳුකරයේ ගම් නගර සහ තේ වතු හරහා ගමන් කරන අතරේ ඉවුම් පිහුම් කරන තැනක හෝ සුගන්ධවත් ‘සිලෝන් ටී’ කෝප්පයක් රස විඳීමටත් ඉඳහිට නැවතී යා හැකි ය.

එම සඟරාව විසින් මේ සඳහා තෝරාගෙන තිබූ ස්ථාන 20 මෙතැනින්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්