නවතම පුවත්

තිරිඟු පිටි මිල පැවැති මිලටම

අසංක

අසංක


ප්‍රිමා තිරිඟු පිටි පෙර පැවති මිල ගණන් යටතේම ඉදිරියටත් ලබා දීමට පිටි සංගම් එකඟත්වය පළ කර ඇත.

අද(10) ජීවන වියදම් කමිටුවේ දී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සමග කල සාකච්ජආකින් පසුව මෙම එකඟතාව ඇතිවී ඇත.

පසුගිය සැප්තැම්බර් මස 6 වන දින තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දමන බව ප්‍රීමා සමාගමේ පාලනාධිකාරිය සියලූම අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ දී ජීවන වියදම් කමිටුව හමුවේ සියලුම පිටි සමාගම් සාමාජිකයින් සහභාගී වු බවත් පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අදාළ සමාගම් සඳහා සති 3 ක කාලයක් ලබා දුන් බවත් අමාත්යංශය පවසයි

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙර පැවති මිල ගණන්වලට පිටි මිල සංශෝධනය වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්