නවතම පුවත්

තුර්කියේ කම්පනයෙන් , දැනට 8000ක් මියගිහින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 8000 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තුර්කියේ ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව සිටින අතර 9,000 ක පමණ හමුදා භට පිරිසක්ද එම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

.මේ අතර රටවල් 70 කින් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම්, උපකරණ සහ ආධාර විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙත දැනටමත් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්