නවතම පුවත්

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද ආරම්භ වනවා.

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් උදෑසන 10 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථපෙළපාලි නොපැවැත්වෙන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ.

උදෑසන 09 යි 15 වනවිට ආරාධිත අමුත්තන්ට අසුන් ගන්නා ලෙස දන්වා ඇති අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදුවනවා.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සිදුවනු ඇති. ඉන් පසුව කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට නියමිතයි.

වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටුකර ගනිමින් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළට කැඳවාගෙන යාම අනතුරුව සිදුවනවා.

එහිදී ප්‍රධාන දොරටුව අසලදී කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ආශිර්වාද එක් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පැළඳුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා උදෑසන 09 යි 55 පමණ වන තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහ ලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙළට පෙරහරින් සභා ගර්භයට ඇතුළුවීම සිදුවනවා.

සභා ගර්භයට පැමිණෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරණ අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා, පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවනවා. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු හෙට පෙරවරු 09 යි 30 දක්වා සභාව කල් තැබීමට නියමිතයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි