ඉන්ධන මිල වැඩි කිරීම විෂයබාර අමාත්‍ය තීරණයක් බවත් මෙවන් අසීරු මොහොතක එම තීරණය ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඔහු ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ උදය ගම්මන්පිල මහතාය.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ කොවිඩ් අර්බුදය හේතුවෙන් රටේ ජන ජීවිතය අඩාල වී ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වී ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහලට දමා ජනතාව තවත් අසීරුවට පත් කර ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි නායකයින් අප්‍රසාදය පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා උවමනාවෙන්ම ගත් තීන්දුවක් බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අදාළ නිවේදනය පහත දැක්වේ.