දකුණු අධිවේගයේ තවත් කොටසක් ලබන 23 දා ජනතා අයිතියට

Picture of අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට දක්වා වන කොටස ලබන 23 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.


ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටස මෙන්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කෙරෙනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.


පසුගිය ජනාධිපතිවරණයට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන් කිරීමට පෙර විවෘත කෙරිණි.
කෙසේ වෙතත් මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙස පසුව විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශ වෙත දැනුම් දෙන ලදී