නවතම පුවත්

දකුණු ආසියාවේ උසම නෙළුම අද කොළඹදී විකසිත වෙයි

අසංක

අසංක

දකුණු ආසියාවේ උසම කුළුනේ තේජස ශ්‍රි ලාංකේය බිමට රැගෙන එන කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ අංක 320 ස්ථානයේ ඉදිවු මීටර් 356කින් උසින් යුතු කොළඹ නෙළුම් කුළුන අද (16) සවස 5ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව චීනයේ කැන්ටන් කුළුන ආකාරයේ කුළුනක් ශ්‍රි ලංකාවේ ගොඩනගන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට කළ දැනුම්දීම අනුව 2012 ජනවාරි 20 වැනිදා නෙළුම් කුළුනට මුල්ගල් තැබීම සිදුවුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පසුකලෙක නෙළුම් පොහොට්ටුව දේශපාලන පක්ෂයක් හා ලාංඡනයක් ලෙසද නිර්මාණය වන අතර ඊට මුලිකත්වය ගනු ලබන්නේද බැසිල් රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා දැනට එම පක්ෂයේ නායකයාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම නෙළුම් කුළුන විවෘත කරන්නෙ පොහොට්ටුවේ සංකේතය බදු නෙළුම ගැන දේශපාලන කටකැස්මක් සමාජයේ පැවැතෙන ජානාධිපතිවරණ උණුසුමක වීම තවත් විශේෂත්වයකි.

අද විවෘතවන නෙළුම් කුළුනේ පාදම විවෘත අවකාශයෙන් යුතුවන අතර එය සංදර්ශන, රැස්වීම් සදහා යෝග්‍යලෙස සකසා තිබේ. මීටර් 15 සිට මීටර් 215 දක්වා ඇත්තේ මෙහි බද කොටසය. එතැන් පටන් ටවර් හවුස් ලෙස හදුන්වන්නේ නෙළුම් පොහොට්ටුව සහිත කොටසයි.

මීටර් 215 සිට 260 දක්වා මීටර් 45ක උස ප්‍රමාණයේ තට්ටු 7කි.
එහි පළමු හා දෙවැනි තට්ටු රූපවාහිනි සම්ප්‍රේෂණ කටයුතු සදහාත්, තුන-හතර උත්සව සදහාත්, පස්වැන්න කැරකෙන බොජුන් හලක් ලෙසත් සැකසී ඇත. මෙම බොජුන්හලේ වරකට 200 දෙනෙකුට පමණ එකවර ආහාර ගැනීමේ හැකියාව තිබේ. එහි එක් වටයක් කැරකෙන කාලය මිනිත්තු 90කට අසන්න බව විදුලි සංදේශ කොමිෂන් සභාව පවසයි.

රාජ්‍ය අමුත්තන් සදහා හයවැනි මහලත්, හත්වන මහළ එළිමහන් නැරඹුම් නිරීක්ෂණ පිහිටි ස්ථානය ලෙසත් නිර්මාණය වී තිබේ. රාත්‍රියට නෙළුම් කුළුන වර්ණ හතකින් ආලෝකමත්වීමට නියමිතය.

මෙම වැඩසටහනට මුලිකත්වය ගෙන තිබුණේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහතාය. ඔහු මෙම උත්සවය සදහා ආරාධනා ලැබුවද ඊට නොපැමිණෙන බව සදහන් කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ ඔහු ප්‍රාර්ථනා කළ කුළුනේ හැඩය නොපැමිණ, අඩක් නිම කළ කුළුනක් විවෘත කිරීම තමන් අපේක්ෂා නොකරන බව සදහන් කරමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්