පැතුම් වික්‍රමරත්න
ඊයේ පැවති දකුණු කොරියානු මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජේ ඉන් නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂය ජය ලබා ඇත.
ඒ අනුව ආසන 330 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ ආසන 180 ක බලය හිමි කර ගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයයි.
ප‍්‍රතිවාදී UFP පක්ෂය ආසන 103 ක් පමණක් දිනා ගෙන ඇත. දකුණු කොරියානු රජය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට පසුගිය සති කිහිපය තුල දියත්කල සාර්ථක පියවරයන් , එම පාලක පක්ෂයේ ජයග්‍රහණයට හේතු සාධක වන්නට ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් අනුමාන කර සිටී.
මෙවර එරට මහ මැතිවරණය පැවැත්වූයේ නව කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති පසුබිමක් තුළවීම විශේෂත්වයක් විය .