නවතම පුවත්

දකුණේ මිනීමරන SDIG පොලිස් කල්ලිය සොයා මෙහෙයුමක්

අසංක

අසංක

ගාල්ල රත්ගම ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු 20ට ආසන්න පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

මෙම පොලිස් කණ්ඩායම දකුණු පළාත තුළ කි‍්‍රයාත්මක වන පිරිසකි.

මොවුන් ඉකුත් ජනවාරි මාසයේදී රත්ගම පදිංචි ධිවර ව්‍යාපාරිකයෙක් සහ කුකුල් මස් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඇත්තේ මෝටර් රථයකින් සහ වෑන් රථයකින් පැමිණ ය.

මෙතෙක් කලක් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කි‍්‍රයාත්මක නොවූ තැන ඥාතීන් සහ ගම්වාසීන් ගාලු පාර අවහිර කරමින් කරන ලද උද්ඝෝෂණයකින් අනතුරුව පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා විසින් පවරන ලදී.

ඒ අනුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික කාරණාවක් මත ව්‍යපාරිකයන් දෙදෙනා පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.

ඒ එක් ව්‍යාපාරිකයකුට ජල ප‍්‍රහාර එල්ල කරමින් කරන ලද කෲර වධහිංසාවකදී ඔහු මියගොස් ඇති බවත් එම මරණය වසන් කිරීමට අනික් වයාපාරිකයා ඝාතනය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

එම මළසිරුරු සගවා තැබූ ස්ථාන හා ඒවා රැගෙන ගිය වාහන පිළිබද තොරතුරු ද රහස් පොලීසියට තොරතුරු ලැබී තිබේ.

එම පොලිස් කණ්ඩායම මීට මාස 2කට පමණ පෙර මිරිස්ස ප‍්‍රදේශයේ සංචාරක හෝටලයකට කඩා වැදී නොමිලේ මත්පැන් පානය කර මුදල් නොගෙවා හෝටලයට අලාභහානි කිරීමක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්