නවතම පුවත්

ලාංකික සරණාගතයන් 40,000ක් තවමත් තමිල්නාඩුවේ

අසංක

අසංක

යුධ සමයේදී මෙරටින්න් ඉන්දියාවට පළා ගිය දෙමළ සරණාගතයින් 39,000කට ආසන්න පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තවමත් රැදී සිටින බවට ඉන්දීය මධ්‍යම රජය සිදුකල නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පිරිස තමිල්නාඩුව පුරා සරණාගත කඳවුරු 101ක ජිවත්වන බවද සමීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිවී ඇත.

තමිල්නාඩු නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය ඕ පන්නීර් සෙල්වම් විසින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ගෙන්, තමිල්නාඩු ප‍්‍රාන්තයේ පුරවැසිභාවය ඉල්ලා සිටින සියලුම දෙනාට එම පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව මෙහිදී ඔහු සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

මේ අතර මෙලෙස තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් යලි මෙරටට ගෙන්වා ගැනීමට සහය වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාගවන් මහතා ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.

ජගත් සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත හනා සිංගර් මහත්මිය සමග ඊයේ (15) පවතී සාකච්ජාවකදී රාගවන් මහතා මෙම ඉල්ලීම කර ඇත.

පැතුම් වික්‍රමරත්න

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි