නවතම පුවත්

දරිද්‍රතාව සියයට 45කින් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට දරිද්‍රතා මට්ටම මාස 5ක් තුළ සියයට 45කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ, ඔවුන් නිකුත් කළ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා, 2022 සුවිශේෂී සිදුවීම් හා 2023 අපේක්ෂා යන මැයෙන් නිකුත් කළ විශේෂ වාර්තාවෙන්.

එම වාර්තාවට අනුව 2021 වසරේදී මෙරට දරිද්‍රතා රේඛාව පැවතුණේ රුපියල් 7,913ක මට්ටමකයි. එය 2022 මාර්තු මාසය වන විට රුපියල් 9,284ක් දක්වා ඉහළ ගියා. එය සියයට 17.3ක වර්ධනයක්. මාර්තු මාසයේ සිට ඉකුත් අගෝස්තු මාසය දක්වා ගත වූ මාස 5ක කාලය තුළ පමණක් දරිද්‍රතා රේඛාව රුපියල් 13,460ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය සියයට 45ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවට අනුව පවතින අර්බුදය හේතුවෙන් පවුල්වල සුබසාධනය කෙරෙහි විෂම බලපෑමක් ඇති කළ හැකි බවද සදහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මෙතෙක් වාර්තා වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. මේ වසරේ පළමු කාර්තුවේදී සෘණ 1යි දශම 6ක් වූ දළ දේශීය නිශ්පාදිතයේ වර්ධනය දෙවන කාර්තුවේදී සෘණ 8යි දශම 4ක් දක්වා අඩු වනු ඇති බවටයි මහ බැංකුව පවසන්නේ. දිගු කාලයක් මුළුල්ලේ පැවති බලශක්ති ඇතුළු සැපයුම් අවහිරතා හමුවේ ආර්ථික ක්‍රියාකාරකම්ද අඩාල වී ඇතැයි මහ බැංකු වාර්තාවේ සදහන්.

මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2023 වසරේ අගභාගයේ සිට රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම් වැඩසටහන හා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලැබී ඇති ප්‍රගතිය පදනම් කරගෙන මහ බැංකුව මෙම පුරෝකථනය සිදු කර තිබුණා.

එමෙන්ම දැනට ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිලිබදව ද එහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

කාලෝචිත ලෙස ආර්ථිකයෙහි සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ පවතින අප්‍රතිහත කැපවීමක් මත මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් වන බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ. ඒ සදහා දරන ප්‍රයත්න දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලීන්ට අදාළව වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදු වීම සහතික කළ යුතු බව ද මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්