නවතම පුවත්

ස්විට්සර්ලන්තය සහ කටුනායක අතර නව ගුවන් සේවයක් ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ඊඩල්වයිස් ( Edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.068 දරන පළමු ගුවන් යානය අද දින දහවල් 12.20ට ස්විට්සර්ලන්තයේ සුරීච් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටියා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරුණා.

මෙම ගුවන් සේවය සතියකට වරක් මෙතැන් සිට ස්විට්සර්ලන්තයේ සුරීච් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්