නවතම පුවත්

දැරියක ලිංගික සේවයට ගැනීමේ සිද්ධිය: STF නිලධාරියෙක් – වෛද්‍යවරයෙකුත් අත්අඩංගුව‌ට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

අන්තර්ජාලය ඔස්සේ ගණිකාා සේවයට අලෙවි කළ 15 හැවරිදි දැරිය  මිලදී ගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් හෘද රෝග විශේෂඥයෙක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් ඇතුළු තවත් තිදෙනෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණ නිලධාරියෙක් වන විශේෂ කාර්ය බළකා නිලධාරියා කොළඹ නගරයේ පිහිටි කදවුරකට අනුයුක්තව සේවයේ නිරතව සිටියෙකි.

රුපියල් 20,000 කට එම දැරිවියව ඔහු මිලදී ගෙන ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මේ වන විට එම විශේෂ කාර්ය බලකා නිලධාරියා සිටින්නේ අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ දැරිය විකිණීමට අතරමැදියකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයා නාවික හමුදා රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍ය වරයෙකු බවට අනාවරණය වී තිබේ. ඔහු බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටින නිවසේ දී ඊයේ  අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර 15 හැවිරිදි මෙම දැරිය විකිණීමට අතරමැදියකු ලෙස කටයුතු කළ 33 හැවිරිදි කිරිවත්තුඩුව ප්‍රදේශයේ පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 35 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර දැරියගේ මව, පාදේශීය සභා උප සභාපතිවරයෙක්, නාවික කපිතාන්වරයෙක්, චීවරධාරියෙක්, මාලදිවයිනේ හිටපු රාජ්‍ය මුදල් අමාත්‍යවරයෙක්, සෝයාමීට් සහ කුළුබඩු ව්‍යාපාරිකයෙක්, මැණික් ව්‍යාපාරිකයෙක් ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක්, වෙබ් අඩවි කරුවන්, දැන්වීම සාදන්නන් ඇතුළු ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ ජංගම දුරකථන ඔස්සේ අනාවරණය වූ තොරතුරු මත තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනය කරමින් සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්