නවතම පුවත්

දිනක් තුල මෙරට සියලු සෞඛ්‍ය සේවකයින්ගෙන් 50% කට කොවිඩ් එන්නත .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලැබීමෙන් පසූ එක් දිනක් තුල මෙරට  සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 50ක් එන්නත් කර අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත .

එක් එන්නත්කරන  මධ්‍යස්ථානයකින් පැයකට පුද්ගලයින් 15ත් 20ත් අතර පිරිසක් එන්නත් කල හැකි වන ලෙස කටයුතු සම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් සැලසුම් කර ඇත .

මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රා තොගය ලබා දෙන පළමු කණ්ඩායම නිවැරදිව හඳුනාගැනීමේ කටයුතු ද මේවන විට සිදුකර අවසන්  බව සෞඛ්‍ය අමාත්‍යාංශය  ප්‍රකාශ කර සිටී .

. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් කියා සිටියේ එන්නත් කරන පළමු කණ්ඩායම ලැයිස්තු ගත කිරීම මේ වන විට සිදු කරන බවයි.

පළමු අදියර යටතේ එන්නත් ලබා දීමට නියමිතව ඇත්තේ මෙරට කොරෝනා මර්ධන වැඩසටහනේ ඉදිරි පෙල කණ්ඩායමටයි. ඒ, රෝගීන් හෝ රෝගීන් යැයි සැකකරන පුද්ගලයින් සමඟ සෘජුවම ගැටෙන කණ්ඩායමයි. ඒ අනුව සෞඛ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට එහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇති. එමෙන්ම ගුවන් තොටුපල, වරාය, සුව සැරිය කාර්ය මණ්ඩලය, විදේශිකයින් සමඟ ගැටෙන පිරිස් සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන වල රාජකාරී කරන කාර්ය මණ්ඩලයට ද මෙහිදී එන්නත් ලබා දීමට නියමිතයි.

අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ටද එන්නත්කරණ පළමු අදියරේදී ප්‍රමුඛතාවක් හිමිවනු ඇති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් කියා සිටියේ සෙසු පිරිසට එන්නත් කිරීම ආරම්භ කිරීමට සිදුවන්නේ මීළඟ එන්නත් තොගය මෙරටට ලැබීමෙන් පසුව බවයි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්