නවතම පුවත්

1919 ට ගිය වසරේ කෝල් ලක්ෂ 15ක්

අසංක

අසංක

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (ඇමතුම් අංක 1919) මගින් තොරතුරු ලබාගැනීමට පසුගිය වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන වාර්තා සඳහන් කරයි.

ඉන් 95% කගේ අවශ්‍යතා සාර්ථකව සම්පුර්ණ කිරීමට හැකිවී ඇතැයි එම ආයතනයේ වැඩසටහන් ප්‍රධානි සුබ්‍රමනියම් ගවස්කාර් මහතා ප්‍රකාශ කරයි.

මෙරටදී 1919 දුරකථන අංකයත් විදේශ රටක සිට අමතන්නේනම් 094-112191919 අංකයටත් ඇමතිමෙන් මෙම සේවාව හා සම්බන්ධ විය හැකිය.

ජනාධිපති කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව පිහිටුවා ඇති රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් ආයතන 300ක සේවා 1500කට ආසන්න ප්‍රමාණයක් පිළිබදව තොරතුරු භාෂා තුනෙන්ම නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකයට ලැබුණු ඇමතුම් වලින් 85%ක්ම රාජ්‍ය අංශයේ විවිධ තොරතුරු දැන ගැනීම සදහා යොමුවී තිබිණි.

මහජනතාවට ඍජුවම බලපාන අත්‍යවශ්‍ය තොරතුරු දැනගැනීම සදහා මෙම සේවාව උපකාර කරයි.

හැදුනුම්පත්, වාහන බලපත් ලබාගැනීම, උප්පැන්න විවාහ සහතික ලබාගැනීම වැනි තොරතුරු විමසීම වැඩිවශයෙන් දක්නට ලැබේන බව ගවෂ්කාර් මහතා පවසයි.

මෙම වෙබ් අඩවියට (www.gic.gov.lk) පිවිසීමෙන් දුම්රිය ආසන වෙන්කරගැනීම වැනි තවත් සේවා සහ තොරතුරු රැසක් ලබාගත හැකියි.

දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණීමට පෙර හැදුනුම්පතක් විදේශ ගමන් බලපත්‍රයක් වැනි දෑ ලබාගැනීමට සැපිරිය යුතු මුලික ලිපිලේඛන මොනවාද යන්න වැනි තොරතුරු මෙමගින් පුර්ව දනුවත්වීමෙන් මහජනතාවගේ කාලයත් ධනයත් ඉතුරු කරගැනීමට හැකිවි තිබේ.

මෙවැනි තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන 1500 ක් පමණ සුදානමින් සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.

තොරතුරු යාවත්කාලීන කිරීම එම ආයතන මගින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්