නවතම පුවත්

දින කිහිපයක් ඇතුලත , යුක්‍රේනය රුසියාව යටතට පත්වේවි – ඇමෙරිකානු බුද්ධි අංශ අනුමාන කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෙවන දිනයටත් රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

මේවන විට යුක්රේනයේ අගනුවර වන Kyiv හි සිට සැතපුම් 20ක් දුරින් රුසියානු භට පිරිස් ස්ථාන ගතව සිටින බවයි වාර්තා වන්නේ.

රුසියානු හමුදාවන් විසින් Kyiv අගනුවර ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එක මිසයිලයක් යුක්රේන ප්‍රති මිසයිල ආරක්ෂණ පද්ධතිය විසින් ඉහළ අහසේදී විනාශ කර ඇත.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරිමට රුසියාව තීරණය කරනු ලැබුවේ තමන්ට අවශ්‍ය පාලන ක්‍රමයක් ස්ථාපිත කර ගැනීමේ අරමුණින් බවත්, තවත් දින කිහිපයක් ගතවීමට පෙර රුසියානු හමුදාව යුක්රේනය යටත් කර ගනු ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර සිටි

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ තවත් මිසයිලයක් නගරයේ සාමාන්‍ය වැසියන් ජිවත් වෙන ගොඩනැගිල්ලට වැදී ඇති බවයි.

මේ අතර රුසියානු භටයින් විසින් ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ගුවන් හමුදාවට අයත් SU-27 ප්‍රහාරක ජෙට් යානාවක් විනාශ වී තිබෙ,

යුක්රේනය සතුව ප්‍රහාරක ජෙට් යානා 125ක් පවතින අතර රුසියාව සතුව ප්‍රහාරක ජෙට් යානා 1,500ක් පවතින බවයි යුද විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී ඇතිවූ ගැටුම් වලින් යුක්රේන හමුදා භටයින් 137 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ජාතිය අමතනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කර සිටියේ ජනතාව සාමාකාමිව ජීවත්වූ නගර හමුදා ඉලක්ක ලෙස සඳහන් කරමින් රුසියාව ප්‍රහාර එල්ල කරනු ලබන බවයි. එමෙන්ම මෙය සම්පුර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද කියා සිටියා.

“අපගේ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හුදෙකලා සටනක නියැලෙන්න සිදුව ඇත. අපත් සමග එක්ව සටන් කරන්න සුදානම් කවුද ? නුමුත් කිසිවෙක් නොමැති බවයි මට පෙනී යන්නේ. නේටෝ සංවිධානයේ සාමාජිකත්වය යුක්රේනයට ලබා දෙන බවට සහතික කළ හැක්කේ කාටද ? සියලු දෙනා බියට පත්ව සිටිනවා.” යුක්රේන ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කර සිටියා.

රුසියාවේ ප්‍රමුඛ ඉලක්කය තමා සහ තම පවුල බවත් මේ වන විටත් රුසියානු භට පිරිසි Kyiv අගනුවරට ඇතුල්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඉතා ප්‍රවේශම් වන ලෙස තමන් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කර සිටියා.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්