නවතම පුවත්

රුසියාවට එරෙහිව ඇමෙරිකාවෙන් ‘දැවැන්ත සයිබර් ප්‍රහාරයක් ‘ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවේ යුද ශක්තිය අඩපන කිරීම සඳහා අමෙරිකාව විසින් රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම එරට ආරක්ෂක අංශ විසින් ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කර ඇති බව වාර්තා වේ

එහිදී බලධාරීන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙම සයිබර් ප්‍රහාර එල්ල කිරීම මගින් යුක්රේනයේ සටන්වල නියුතු රුසියානු හමුදාවන්ට අවශ්‍ය අතිරේක පහසුකම්, භට පිරිස් ප්‍රමාද කරවීමේ හැකියාව පවතින බවයි.

විශේෂයෙන්ම රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ඉලක්ක කර ගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික මර්මස්ථාන ලෙස ඔවුන් හඳුන්වා දී ඇත්තේ. කෙසේ වුවද මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවසන් නියෝග ලබාදී නොමැති බවද අමෙරිකාවේ NBC පුවත් සේවය වාර්තා කර සිටී

මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා භට පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත ඇමරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථාන ගත කිරීමට පියවර ගෙන ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගනු ලැබූ තීරණයට ලොව නන් දෙසින් බලපෑම් සහ විරෝධතා එල්ලවී ඇත . අද දිනයේදී රුසියාවේ නගර 47ක් පුරා එරට වැසියන් විසින් ජනාධිපති පුටින්ගේ තීරණයට එරෙහිව දැවැන්ත විරෝධතාව ව්‍යාපාර දියත් කරනු ලැබිණි .. කෙසේ වුවද එම විරෝධතා ව්‍යාපාරයන්ට එක්වූ දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් රුසියානු පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්