නවතම පුවත්

දින 10 කට නොරෝච්චෝලට ගල් අගුරු එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.

ලක්විජය බලාගාරයෙ විදුලිය නිපදවිමට අවශ්‍ය ගල් අගුරු තොග අවසන්වීමට දිනකට ආසන්න කාලයක් තිබියදී දකුණු අප්‍රිකාවේ සිට ඩරයා රාමා නැමති හොන්කොන් රාජ්‍යයට අයත් නැව මෙසේ ඉලන්තඩිය වෙරළ තිරයට පැමිණ තිබුණි.

ගල් අගුරු ප්‍රමාණවත් නොවිම හේතුවෙන් ලක්විජය බලාගාරයෙ දෙවන ජනන යන්ත්‍රය සති කිපයකට පෙර නවතා තිබු අතර ජනන යන්ත්‍ර දෙකකින් මෙගාවොට් 580 කට ආසන්න විදුලි ධාරිතාවක් නිපදවිම සිදුව තිබුනී.

ලක්විජය බලාගාරයෙ සිට කිලෝ මිටර් 5 කට ආසන්න දුරකින් නැංගුරම් ලා ඇති ද ධරයා රාමා නැව පරික්ෂා කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා රේගුව,කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙ නිළධාරින් පිරිසගෙන් සැදුම් ලත් පිරිසක් එක්ව තිබුනී.

විදුලි බල මංඩල ඉහල නිළධාරියකු පවසා සිටියෙ 6 දින සවස් වන විට මේ වන විට ඉලන්තඩිය වෙරළ තිරයෙ නැංගුරම් ලා ඇති නැවේ සිට ලක්විජය බලාගාරය දක්වා ගල් අගුරු ප්‍රවාහනයට බත්තල් යැවිමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව වාර්තා වුයේ මෙම ගල් අගුරු තොගය ගොඩ බැමෙන් පසු එය දින 10 කට ආසන්න කාලයකට පමණක් ප්‍රමානවත් වනු ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්