දිස්ත්‍රික් 3කට නායයාමේ අවදානම තවදුරටත්

landslide-warning
Picture of අසංක

අසංක

රත්නපුර, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානමක් ඇතැයි අනතුරු අඟවා තිබේ.

අද පස්වරු 5.00 දක්වා එම නිවේදනය වලංගු බව නායයාම් පර්‍යේෂණ සංවිධානය පැවැසීය.

ඉහළ කඳුකර ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

ඒ සමඟම කලා ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.