දිස්ත්‍රික් 4කට ශ්‍රීලනිපය තනියම මහඡන්දෙට

Picture of අසංක

අසංක

දිස්ත්‍රික්ක හතරකට හැර , සෙසු සියලුම දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව කලුතර , නුවරඑළිය , යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක හතර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට නියමිතය.