දිස්ත්‍රික් 8කට අදත් නායයාමේ අනතුරු ඇගවීම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කළුතර දිස්ත්‍රික්කයට අයත් බුලත්සිංහල, අගලවත්ත, පාලින්දනුවර, මතුගම, හොරණ, වලල්ලාවිට සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම අවදානම පවතී.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කෑගල්ල, දැරණියගල, වරකාපොල, රුවන්වැල්ල, ගලිගමුව, මාවනැල්ල, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඔ්විට සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද මෙම අවාදනම ඇත.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද  රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැලියගොඩ, කලවාන, අයගම, කිරිඇල්ල, ඇලපාත, රත්නපුර, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද අවදානම් ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද කොළඹ දිස්ත්‍රික්කයට අයත් සීතාවක, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද නායයාමේ අවදානම් බවට අනතුරු අගවා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, අත්තනගල්ල, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද  නායයාමේ අවදානම් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.