නවතම පුවත්

බුවනෙක හෝටල් විමර්ශන ගැන නීතිපතිගෙන් පිටු 5ක ලිපියක් පොලිස්පතිට

අසංක

අසංක

කුරුණෑගල- දඹුල්ල මාර්ගයේ බුවනෙක හෝටලය නැමති ගොඩනැගිල්ල හානි සිදුකිරීමට අදාළ විමර්ශනය සිදුකළ යුතු ආකාරය සහ එහි අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් වූ උපදෙස් ඇතුලත් පිටු 05 කින් යුත් ලිපියක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කොට ඇත.

එම උපදෙස් අනුව අපරාධය සිදුවූ ස්ථානය ආරක්ෂා කිරීම සහ අධිකරණ නියෝගයක් ලබා ගැනීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරුන්ගේ විශේෂඥ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීම, නීතිපතිවරයා විසින් දක්වා ඇති කරුණු ඔස්සේ කුරුණෑගල නගර සභාවේ නගරාධිපති ඇතුළු එහි නාගරික මන්ත්‍රීවරුන් හා එහි නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ මහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් කිහිපදෙනෙකු ගෙන් ප්‍රකාශ ලබා ගනීම සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

මෙම සියලු විමර්ශන අවසන් කොට එම විමර්ශනයේ උදෘත මෙම මස 31 වෙනිදාට පෙර තමන් වෙත ලබා දෙන ලෙසද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්