නවතම පුවත්

දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ අයට මහ ඡන්දෙට එන්න දෙන්න එපා යැයි ඉල්ලීමක්

අසංක

අසංක

මධ්‍යසාර, මත්ද්‍රව්‍ය හා දුම්කොල කර්මාන්තයට සම්භන්ධ කිසිවකුට එළඹෙන මහා මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාම යෝජනා ලබානොදෙන ලෙස දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය මෙරට සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් අදාළ පක්ෂ වල ලේකම්වරුන් වෙත නිල වශයෙන් ලිපියක් යොමු කිරීමටද , කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙම දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය කටයුතු යොදා ඇත.

දුම්කොළ හා මධ්‍යසාර කර්මාන්තය සමග සම්භන්ධ හෝ ඊට රුකුල් දෙන හෝ ඒවා පාලනය කිරීම කඩාකප්පල් කරන පුද්ගලයින් පිටු දැකිය යුතු බවත් .ඔවුන් මේ රටේ සංවර්ධනයට විරුද්ධ හා , දරුවන්ගේ අනාගතයට හානිදායක පුද්ගලයින් ලෙස හැඳින්විය යුතුව ඇති බවත් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අවධාරණය කර සිටී.


එසේම එවැනි පුද්ගලයින් දේශපාලනය සඳහා කිසිසේත්ම සුදුසු නැති බවද රාජසූරිය මහතා අප වෙබ් අඩවියට පැවසීය


මෙහිදී පක්ෂ ලේකම්වරුන්ට හා ප්‍රධාන නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙන බවත් , රටේ සුභ සිද්ධිය වෙනුවෙන් , මෙවන් පුද්ගලයින් තම නාමයෝජනා ලැයිස්තු වලට ඇතුලත් කර නොගනේමට ඔවුන් වගබලා ගත යුතුව ඇති බවත් රාජසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා