නවතම පුවත්

දුම්පානයට ඇබ්බැහිවීම ගැන , සුවිශේෂී නඩු තීන්දුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුම්පානය කිරීම නිසා මියගිය ඇමරිකානු කාන්තාවකගේ පවුලේ අයට ඩොලර් මිලියන 9.75ක වන්දියක් ගෙවන ලෙස ඇමෙරිකාවේ  ෆ්ලෝරිඩා අධිකරණය,විසින්  සුප්‍රසිද්ධ ආර්. ජේ රෙනෝල්ඩ්ස් (R.J. Reynolds)  දුම්කොළ  සමාගම වෙත  නියෝග කර ඇත.

කැරොලයින් ලෝන් නමැති මෙම  කාන්තාව වසර 2002 දක්වාම , එනම් අඛණ්ඩව  දශක ගණනාවක්ම දුම්පානය කර ඇති අතර , 1990 වසරේදී ඇයට බරපතල ආකාරයේ පෙනහළු රෝගයක් වැළඳී ඇති බවට අනාවරණය වී ඇත . 2020 වසරේදී ඇය මියයන තෙක්ම එම රෝගයෙන් වේදනා විඳ ඇති අතර ඇගේ රෝගයට ප්‍රධානතම හේතුව දුම්පානය බවටද වෛද්‍යවරු සඳහන් කර ඇත . .

US Tobacco Companies Tell the Truth About Addictive Products

මිය යන විට ඇය අසූ හැවිරිදි වියේ පසු වූ කැරොලයින් , අවස්ථා කිහිපයකදීම දුම්පානයෙන් ඉවත්වන්නට උත්සාහ කලත් , එය ඉතා දුෂ්කර කටයුත්තක් වූ බව ඇගේ සැමියා අධිකරණයට සඳහන් කර ඇත .

මේ පිළිබඳව අධිකරණයට කරුණු දක්වමින් කැරොලයින් ගේ නීතීඥවරයා මෙසේ අවධාරණය කර ඇත ,

: “දැන් අපි දන්නා පරිදි, තරුණ විය ආරම්භ කරන විට, ඔබ දුම්පානයට යොමු වුනොත් , එහි ඇති  නිකටින් මොළය ප්‍රබල ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරනව .  ඒ තුලින් ඇබ්බැහියක් ඇතිවනවා,  මේ ගැන දුම්කොළ සමාගම් ජනතාවට කිසිවක් හෙළිකරන්නේ නැහැ . ඔවුන් දුම්වැටිය නිප්දවන්නේ හැකිතාක් ජනතාව එයට ඇබ්බැහි වන ලෙසයි “

ජූරි සභාව විසින්කැ රොලයින්  ලෝන්ග්  , සිගරට් වලට ඇබ්බැහි වී ඇති බවට තීරණය කර ඇති බවත් . “ජූරි සභාව සියලු සාක්ෂිවලට ඉතා සාවධානව ඇහුම්කන් දීම ගැන  කෘතඥ වන බවත් ඇගේ  නීතීඥවරුන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

රෙනෝල්ඩ් සමාගම  ව්‍යාජ  ප්දි‍රචාරණ ව්ගු‍යාපෘති දියත් කර ඇති බවත්  ඔවුන්ගේ සැහැල්ලු හා දිගින් අඩු සිගරට්ටුව , වඩාත් ආරක්ෂිත බවටවන අසත්‍ය තොරතුරක්ද ඔවුන් ප්‍රචාරය කර ඇති බවත් කැරොලයින් ගේ නීතීඥවරුන් පෙන්වාදී ඇත .”

රෙනෝල්ඩ්ස් සමාගමේ නීතීඥවරු තර්ක කර ඇත්තේ  කරෝලයින්,  දුම් පානය කළේ ඇබ්බැහි වීමෙන් නොව තේරීමෙන් බවයි.

එහිදී විත්තියේ නීතීඥ පෙද්රෝ පෙදරෝස් මෙසේ සඳහන් කර ඇත

“මිසිස් ලෝන්ග් ඇයට අවශ්‍ය වූ විට, ඇයට අවශ්‍ය තැනදී දුම් පානය කළාය, ඉන්  ඉවත් වීමට අවශ්‍ය වූ විට, ඇය එයත් කළා,”  “දුම්පානය  ලෝන්ග් මහත්මියව  පාලනය කළේ නැහැ.  ලෝන්ග් ඇගේ දුම්පානය පාලනය කළා,”

කෙසේ වෙතත් විත්තියේ මෙම තර්ක ,  ජුරි සභාව පිළිගෙන නොමැති අතර , කැරොලයින් ලෝන්ග් මහත්මියගේ මරණයට , දුම්කොළ සමාගම වගකිව යුතු බවට තීරණය කර , මෙම විශාල වන්දි මුදල නියම කර ඇත .

 

මේ සම්භන්ධයෙන් INSIDER වෙබ් අඩවියේ පළවූ සම්පූර්ණ ලිපිය මෙතනින් .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි