දුම්රිය මගීන්ට සහන මිලට එළවළු

Picture of අසංක

අසංක

දුම්රිය මගීන්ට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව දුම්රිය ස්ථාන තුළදීම සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි කර දීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය අද සිට කටයුතු යොදා ඇත.

අද සවස 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හීදි මෙම වැඩසටහන ආරම්භ කෙරේ

එහිදී දුම්රිය මගීන්ට එළවළු වර්ග 10 ක් සහන මිලට ලබාගත හැකි බව දුම්රිය සේවා අමාත්‍යාංශය පැවසීය.