නවතම පුවත්

දුම්වැටි අලෙවියේ ඉලක්කය තරුණයන්

අසංක

අසංක

දුම්වැටි ඇතුළු දුම්කොළ නිෂ්පාදන අළෙවියේදී , තරුණ ප්‍රජාව මේ වනවිට ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇති බවත් ඒ අනුව දුම්කොළ කර්මාන්තයේ විවිධ උපක්‍රම වලින් මෙම තරුණ පිරිස් මුදවා ගත යුතුව ඇති බවත් දුම්කොළ කර්මාන්තය අධ්‍යයන කේන්ද්‍රය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී .

දුම්කොළ කර්මාන්තය විසින් ළමුන් හා තරුණයින් ආකර්ෂණය කරගැනීම සඳහා සෘජු හා වක්‍ර වෙළඳ ප්‍රචාරණයන් , අනුග්‍රාහය දැක්වීම් , චිත්‍රපට , ටෙලි නාට්‍ය හා සමාජ මාධ්‍ය තුල තම නිෂ්පාදන ස්ථානගත කිරීම , විවිධ රසයන්ගෙන් යුත් නිෂ්පාදන හඳුන්වාදීම ආදී උපක්‍රම භාවිතා කරන බවද මෙම නිවේදනයේ දැක්වේ.

මහජනතාව නිතර රැස්වෙන ස්ථාන වල දුම්වැටි නොමිලයේ බෙදාහැරීම වැනි උපක්‍රමද මෙහිදී භාවිතා කරන බව හෙටට (31) යෙදී ඇති ලෝක දුම්කොළ විරෝධී දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වේ.

දුම්කොළ කර්මාන්තයේ මෙවැනි මැදිහත්වීම් හා ක්‍රියාකාරකම් පිළිබඳව ඔබටත් අවස්ථාවක් ඇති බවත් tobacco unmasked HotSpots ජංගම යෙදවුම හරහා එය සිදුකර හැකි බවත් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය මෙහිදී සඳහන් කර ඇත. මේ පිලිබඳ සියලු විස්තර cct.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද නිවේදනයේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්