නවතම පුවත්

දුම්වැටි අලෙවිය තහනම් කරන්නැයි ඉල්ලීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මත්පැන් අලෙවිය රට තුල තහනම් කිරීමට පියවර ගත්සේම ඉදිරියේදී දුම්වැටි අලෙවියද තහනම් කිරීමට රජය පියවර ගනු ඇතැයි අපේක්‍ෂා කරන බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය අවධාරණය කර සිටී .

කෙසේ වෙතත් මත්ද්‍රවය භාවිතය රට තුල අවම කරලීම සඳහා රජය මේ දිනවල ගෙන ඇති පියවරයන් බෙහෙවින් අගය කරන බවද එම කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා ප්‍රකාශ කර සිටී .

, සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රවය හා මත්පැන් අලෙවි කිරීම හා ප්‍රවර්ධනය කිරීම තහනම් කරමින් රජය ගෙන ඇති පියවරද ඉතා සුවිශේෂී බවත් , රජයේ එවැනි පියවරයන් සාර්ථක කරගැනීම සඳහා උපරිම සහය ලබාදීමට තම කේන්ද්‍රය සූදානම් බවත් වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අප වෙබ් අඩවියට පැවසීය .

කෙසේ වෙතත් දුම්පානය කරන්නන්ට . කොරෝන වෛරස රෝගයෙන් ඇතිවිය හැකි බලපෑම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර ඇති අවස්තාවක දුම්වැටි අලෙවියද මෙම කාලසීමාව තුල තහනම් කිරීමට රජය පියවර ගන්නේ නම් ඉතා වැදගත් වන බවද රාජසූරිය මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්